එපාවීම සහ ඕනෑවීම

දකින දකින සැරේට “පාඩම් කරපන්,” “පොත ගනින් අතට,” “ඔහොම ඉඳලා හරියන්නේ නැහැ,” කියන නිසා ළමයින්ට පොත්පත් කියවීම, පාඩම් කිරීම එපා වෙනව. සංසුන්ව පොත පතට සිත් යොමු කරවීමයි කළ යුත්තෙ.

දුර්වලකම් යනු දුර්වලකම් හැටියට හඳුනාගෙන ඒවා ජයගන්න උත්සාහ කිරිම කළ යුතුයි. එහෙම නැතුව බැනුම් අවලාද කරන වැඩිහිටියන් දැකල බාල අයත් ඒ වැරදි මගට පිවිසෙනව. ඊට පස්සෙ “මූ මෝඩයා,” “මුගෙ පෙර කරුමෙට ඉගෙන ගන්න බෑ,” කියන එක තරම් අඥාන කියමනක් තවත් ඇත්තෙ නෑ.

ළමයි ඉගෙන ගන්නෙ වැඩිහිටියන් ගෙන්. වැඩිහිටියන් උගන්වන කරුණු කරුණාවන්ත විදියට ආදරයෙන් ළමයින්ට ඉගෙන ගන්න පුළුවන් විදියට කියලා දෙනවා නම් දරුවන්ගේ ඉගෙනීම ඉක්මන් වෙනවා.

ඒත් වැඩිහිටියන් කරන්නේ අඥාන විදියට මේ ළමයට ඉගෙන ගන්න බෑ රාහුගේ දශාව නිසා යැයි දකින දකින අයට කීමයි. ළමයාගේ හිතට ඇතුල් කරනවා පිටස්තර හේතුවක් නිසා එයාට ඉගෙන ගන්න බෑ කියල අදහසක්. නිතර නිතර ‘ගොනා’ කියල කිව්වම ඒ විදියට හැඩ ගැසෙනවා.

නමුත් කෙනෙකුට නිතර නිතර මෙයාට මොළේ තියනවා කියල කියනවා ඇහුනම ඒ දරුවගෙ හිත යොමු වෙනවා මොළය පාවිච්චියට, ඉගෙනීමට.

-සුමනදාස සමරසිංහ, 1979 අගෝස්තු 1 චිත්ත ධර්ම විද්‍යා පත්‍රය

Advertisements

2 comments on “එපාවීම සහ ඕනෑවීම

  1. indika27 says:

    මම හිතන්නෙ දරුවන් සියල්ලම එකම බාස්කට් එකට දාල සලකන එක මෝඩ වැඩක්… දරුවන් විවිධාකාරයි. බොහෝවිට තමුන්ගේම දරුවන් නම් ඔවුන්ට තමුන්ගේම යහපත් අයහපත් මුරන්ඩු ගතිගුණ පිහිටනවා.. ඒ නිසා තමාගේ ගති ලක්ෂණ අනුව දරුවා හැසිරෙන විදිය තේරුම් ගෙන ඒ අනුව අපි ඔහුව හැඩගසාගැනීමට උත්සාහ කිරීම වඩාත් ප්‍රථිපලදායක වේවි.

Comments are closed.