අපි නිතරම ආදරය කරන්නේ අපිටමය

අපි නිතරම ආදරය කරන්නේ අපිටමය. අන් කෙනෙකු පිළිබඳ ආදරයක්, පිවිතුරු ප්‍රේමයක් කියා අප රැවටෙන්නේ අපේම සිතේ අන් කෙනෙක් ගැන පහළ වූ සිතිවිල්ලකටය. අපි දරුවෙකුට ආදරය කරන්නේ ඔහු සුරතල් කිරීමෙන් අපි ලබන වින්දනය නිසායි. අනුන්ට පිහිට වීමේ මුවාවෙන් අපි සමාජසේවා කටයුතු කරන්නේ අපේම සතුට සඳහාය. මම දේශන පවත්වන්නේ කරුණු කියා දීමට ඇති තදබල ආශාව නිසාය. එයින් මා සතුටක් ලබන්නේ නැත්නම් දේශන පැවැත්වීම නොකෙරෙනු ඇත. අප දෙමව්පියන්ට ආදරය කිරීම අපේ යුතුකමක් යැයි අපිට සිතෙන නිසා අපි යුතුකමට සලකමු.

රාගයෙන් තොර, ලාභාපේක්ෂාවෙන් තොර කාහටත් එක සේ මෙත් කිරීමේ දී එක් අයෙකුට, එක් පවුලකට, එක් ජාතියකට ආදී වශයෙන් සීමාවෙන්නේ නැත. සීමාවන් ඇත්තේ එය ස්වකීය සතුට සඳහා වෙන්වී ඇතිවිට පමණයි.

-සුමනදාස සමරසිංහ, 1979 ජූලි 1, චිත්ත ධර්ම විද්‍යා පත්‍රය

Advertisements